2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (04) දින ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
ඒ අනුව අද (04), හෙට (05) සහ අනිද්දා (06) තැපැල් ඡන්ද විමසීම සිදු කෙරෙන අතර එම දිනවල උදෑසන 8.30 – 4.30 වේලාවේදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව හිමිවේ.
අද දිනයේ සිට තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී එළඹෙන (11) සහ (12) දිනවල ඡන්දය සලකුණු කළ හැකිය.
තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මේ වනවිට ප්‍රකාශයට පත්කර ඇති අතර අද දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කළ හැකිය.
හෙට (05) සහ අනිද්දා (06) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසවල කාර්යය මණ්ඩලයට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව පවති.
හෙට (05) සහ අනිද්දා (06) ත්‍රිවිධ හමුදා කඳවුරු සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද දායකයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව ඇති බවද මැතිවරණ කොමිසම සදහන් කරයි.
මෙවර 2024 ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දදායකයින් 712,319 දෙනෙකු සුදුසුකම් ලබා සිටින බවද මැතිවරණ කොමිසම සදහන් කරයි.