තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවක නිරත වන අයුරු දැක්වෙන වීඩියෝ පටය ජනාධිපතිවරයාගේ හිතවතුන් විසින්ම නිකුත් කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් ප්‍රකාශ කළේය. “වික්‍රමසිංහ දේශපාලන වශයෙන් බංකොලොත් වීමට ආසන්න බැවින් ඔවුන් මෙම වීඩියෝව සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර තිබෙනවා…,” මරික්කාර් මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන්ට පැවසීය.
“පසුගියදා පිළියන්දල අවමංගල්‍ය උත්සවයකදී මට වික්‍රමසිංහ මහතා හමුවූනා. ඔහු තීරු බදු රහිත මෝටර් රථ බලපත්‍ර ගැන කතා කරමින් සිටියා. මම කිව්වා ඔහුට මුදල් අමාත්‍යවරයාගේ බලතල අනුව එවැනි බලපත්‍ර සඳහා අනුමැතිය ලබා දීමට අත්සන් කරන්න පුළුවන් කියලා. මේකයි වුණේ,” ඔහු වැඩිදුරටත් පැවසීය.
“රතු අලියත් මේ ක්ලිප් එක swipe කරලා හැම තැනම share කරනවා,” ඔහු වැඩිදුරටත් කීවේය. ජාතික ජන බලවේගයේ ගිනුම් විගණනය කර ඔවුන්ට එරෙහිව කටයුතු කළ යුතු අන්දම දැක්වෙන එම වීඩියෝව පහත දැක්වේ.