මෙවර ජනාධිපතිවරණයේ දි රජයේ මැති ඇමතිවරු නියෝජනය කරණු ලැබු දකුණු පළාතේ මැතිවරණ කොට්ඨාස සියල්ලම විශිෂ්ඨ අයුරින් ජයග්‍රහණය කිරිමට ජාතික ජනබලවේගයේ අපේක්ෂක සහ වත්මන් ජනපති අනුර කුමාර දිසානයක සමත්විය. ජනාධිපතිවරණයේ දි ස්වාධින ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් සෞඛ්‍ය හා කර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ විසින් සංවිධානය කරණු ලැබු ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මිමන මැතිවරණ කොට්ඨාසයෙන් අනුර කුමාර දිසානායක ඡන්ද 45632ක් ලබාගෙන විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරගෙන තිබුණි.
එජාපයේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන නියෝජනය කරණු ලබන ගාල්ල මැතිවරණ කොට්ඨාශයෙන් ද අනුර කුමාර දිසානායක ඡන්ද 34,839ක් ලබාගෙන විශිෂ්ඨ ලෙස ජයග්‍රණය කර තිබුණි. ගාල්ල මැතිවරණ කොට්ඨාසයෙන් ස්වාධින ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහට හිමිව තිබුණේ ඡන්ද 9478කි. ගාල්ල මැතිවරණ කොට්ඨාශය එජාපයේ බලකොටුවක් වන අතර එහෙත් මෙවර ජනාධිපතිවරණයේ දි එම බලය ගිලිහි ගොස් තිබුණි.
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් සංවිධානය කරණු ලැබු හබරාදුව මැතිවරණ කොට්ඨාසයෙන් ද අනුර කුමාර දිසානයක ඡන්ද 35428ක් ලබාගෙන තිබු අතර එම මැතිවරණ කොට්ඨාසයෙන් ස්වාධින ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහට හිමිව තිබුණේ ඡන්ද 10602කි.
එමෙන්ම ඇමති කංචන විජේසේකර නියෝජනය කරණු ලබන මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර ආසනයෙන් ද අනුර කුමාර දිසානායක ඡන්ද 34960ක් ලබාගෙන විශිෂ්ඨ අයුරින් ජයග්‍රහණය කරතිබුණි. රනිල් දිනවන්නට පොහොට්ටුවෙන් ගැලවී විත් රනිල්ට සෙට් වුන කංචන එම මැතිවරණ කොට්ඨාසයෙන් ස්වාධින ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහට අරන් දී තිබුණේ තිබුණේ ඡන්ද 5701කි.
එමෙන්ම ස්වාධින ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ගේ දෑත් ශක්තිමත් කිරීමට පැමිණි ඇමති මහින්ද අමරවිර සංවිධානය කරණු ලැබු හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ආසනයෙන් ද අනුර කුමාර දිසානායක ඡන්ද 59117ක් ලබාගෙන ජයග්‍රහණය කරතිබුණි. තංගල්ල ආසනයෙන් ස්වාධින ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ලබාගෙන තිබුණේඡන්ද 9056කි.
දකුණු පළාතේ මැතිවරණ කොට්ඨාස 21කම ජයග්‍රහණය කිරිමට අනුර කුමාර දිසානායක මහතා සමත්විය.