වෙඩින් ප්‍රී ෂූට් එකකට ශ්‍රී දළදා මාළිගාව විකුණලා?… දන්නෑ කියන්නම් එපා…. නම් විලි ලජ්ජයි දියවන නිලමෙ මහත්තයො…
ධාතූනවහන්සේ වැඩ වාසය කරන ඓතිහාසික ශ්‍රී දළදා මළිගාව තුළ විවාහ පූර්ව ඡායාරූප රූගත කිරීමකට ඉඩ දී තිබීම සම්බන්ධව මහනුවර පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. දළදා වහන්සේට අගෞරව වන බව පවසමින් ගමනා ගමනයට ඉඩ නොදී මහා මාර්ග අගුළු දමාගෙන සිටින, දළදා වන්දනා කිරීමට පැමිණෙන විදේශිකයන්ට රෙදි අන්දවන තරම් “සංස්කෘතික සදාචාර පොලිස් බලතල” ක්‍රියාත්මක කරන, දළදා මාළිගාව තුළ සාමාන්‍ය ඡායරූපකරණයට පවා සීමා පනවන, පත්තිරිප්පුවට පිටුපා බුද්ධ රූපවලට පිටුපා සිහිවටනයක් සේ ඡායාරූපයක් ගැනීම සාහසික අපරාධයක් සේ සලකා හැසිරෙන අමුතු විදිහේ ආරක්ෂක ආවරණයක් දළදා මාළිගාව තුළ පවතිද්දී වාණිජ පදනමින් සිදුකරන ලද මෙම රූගත කිරීම සිදුකළ ආකාරය තමන් නොදන්නා බව දළදා මාළිගාව භාරකාරත්වය ප්‍රකාශ කර ඇත.
අදාළ යුවළ මහනුවරට කැඳවා මේ සම්බන්ධයෙන් ඔවුන් ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.
අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ නුවර වැඩ සිටින ප්‍රකට කෝටිපති භික්ෂුවකගේ සහයෝගයය සහිතව මෙම නුසුදුසු ව්‍යාපාරික කටයුත්ත දළදා මාළිගා පරිශ්‍රය තුළ සිදුවී ඇති බවය.
-lankasara
වෙඩින් ප්‍රී ෂූට් එකකට ශ්‍රී දළදා මාළිගාව විකුණලා?… දන්නෑ කියන්නම් එපා…. නම් විලි ලජ්ජයි දියවන නිලමෙ මහත්තයො…
2024-09-08T18:33:00+05:30
Gossip Lanka Hot News





