gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්… මම නෙමෙයි… ඔයා දෙමළ ජනතාවගෙන් සමාව ගන්න… ඔයා තව බඩු ගන්නේ පරණ බඩු කඩෙන්… අනුර ජනපතිට කියයි…

උතුරට ගොස් කැත විදිහට ජාතිවාදය උත්සන්න කරමින් කරන දේශපාලනයට තමන්ට පිළිතුරු දීමට ඉඩ නොතබා උතුරේ ඉපදුන සුමන්තිරන් මන්ත්‍රීවරයා පිළිතුරු දී ඇති බවත් දැන් දෙමළ ජනතාවගෙන් සමාව ගත යුත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කොඹදී පැවති අන්තර් සමාගම් සේවක සංගමයේ මහ සමුළුව අමතමිනි. එහිදී ඔහු මෙසේ ද කීවේය.

රනිල් වික්‍රමසිංහ පහුගිය දා ප්‍රකාශයක් කරනවා මා දෙමළ ජනතාවට තර්ජනය කළා කියලා මට දෙමළ ජනතාවගෙන් සමාව ගන්නලු.

රනිල් වික්‍රමසිංහ… ඔයා කැත විදිහට මේ දේශපාලනයේ දී ජාතිවාදය උත්සන්න කරන්න උත්සාහ කරමින් ඉන්නවා. හැබැයි මම ස්තුතිවන්ත වෙනවා රනිල් ගෙ ප්‍රකාශයට උත්තර දෙන්න මම ඔ්න නෑ. සුමන්තිරන් මහත්මයාම නිවැරදි උත්තරය රනිල් වික්‍රමසිංහට දීලා තියනවා.

ඒ් නිසා උතුරට ගිහිල්ලා දෙමළ ජනතාව හම්බවෙලා ජාතිවාදය ඇවිස්සීම ඳසහා දරන ලද උත්සාහය උතුරේම ජනතාව නියෝජනය කරන

සුමන්තිරන් මහතා විසින ප්‍රතික්ෂේප කරලා තියනවා. දැන් රනිල් ඔයා සමාව ගන්න.

රට ඇතුළෙ ජාතිවාදය පැතිරවීමේ දේශපාලනය දැන් අහෝසියි. රට ඇතුළෙ එකිනෙකාව විරසක කිරීමේ දේශපාලනය දැන් අහෝසියි. ඒ් නිසා රනිල් වික්‍රමසිංහලා තවම බඩු ගන්නේ පරණ බඩු කඩෙන්. දිරපු කඩවලින් තමයි තවමත් බඩු ගන්නේ. ඒ්වා අසාරථකයි. ඒ්වා අවලංගුයි.

ඒ් විතරක් නෙමෙයි. මෑතක දි රනිල් වික්‍රමසිංහ කියනවා අවස්ථා ගණනාවක දි මා මිත්‍ර අනුර,  මගේ යාලුවා අනුර…

ඔය ෂේප් වෙන්න ඒන්නේ. එහෙම වෙනවා නේද?. පස්සේ මොනව හරි උගුලකට අහුවෙලා මං උඹේ යාලුවනේ යාලුවනේ කිය කිය ඒනවා. එහෙම කිය කිය එන්නේ ෂේප් වෙන්න.

රනිල් වික්‍රමසිංහ. ඔයාට ෂේප් වෙන්න බෑ අපිත් එක්ක. ඔයාට මහ බැංකු වංචාව පිළිබඳ පරික්ෂණ කරනවා. රනිල් වික්‍රමසිංහ ඔයා උත්සාහ කළාට යාලුව යාලුවා කියලා ෂේප් වෙන්න ඔයාගේ යාලුවන්ට බාර් ලයිෂන් දීපු විදිහ හොයනවා.

රනිල් වික්‍රමසිංහ. ඔයා යාලුවා යාලුවා කියලා ෂේප් වෙන්න ආවට ඒල්. ආර්.සි ඒකේ ඉඩම් ඔයාගේ යාලුවන්ට බෙදපු විදිහ හොයනවා.

රනිල් වික්‍රමසිංහ.. ඔයා යාලුව යාලුවා කියලා කියන්න ආවට ඔයා මේ රටේ වංචනිකයින් දූෂිතයන් බේරාගත්ත විදිහත්, වංචනිකයින් දූෂිතයන් බේරා ගන්න මැදිහත් වුන විදිහත් ජාතික ජන බලවේග ආණ්ඩුවක දි පරික්ෂා කරනවා.

අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. 

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka