gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සුපිරි නිවාස සංකීරණයක ජීවත් වූ කාන්තාවක් සහ දියණියක් ඔවුන්ගේ නිවසින් පන්නා බලහත්කාරයෙන් නිවස අත්පත් කරගත් ගලගොඩඅත්තේ ඥානසාරට අධිකරණයෙන් දැඩි අවවාද!

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමි විසින් බලත් කාරයෙන් අත්පත් කරගෙන සිටි බව කියන බම්බලපිටිය ෆැල්කන් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ පිහිටි රුපියල් කෝටි 10 ට අධික වටිනාකමින් යුත්, නිවසක් වහාම එහි හිමිකාරිත්වය දරන කාන්තාවට භාර දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමිටත් ඔහුගේ ගෝල හිමිනමකට සහ නිවසේ මුරකරු ලෙස කටයුතු කළ සිල්වෙස්ටර් නැමැති පුද්ගලයෙකුට නියෝග කළේය.

තමන්ට අයත්ව තිබූ එම නිවස ගලගොඩඅත්තේ ඤාණසාර හිමි ඇතුළු කණ්ඩායමක් බලහත්කාරයෙන් පැහැර ගෙන ඇති බව පවසමින් එම කාන්තාව අධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබිණි.

කොළඹ 4 පදිංචි ඉනෝකා චන්දිමා සේනානායක නැමැති මෙම කාන්තාව මෙම පුද්ගලික නඩුව ගොනු කර තිබුණේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිල නොලත් මහේස්ත්‍රාත් සන්ධ්‍යා තල්දූව මගිනි.

එම නඩුකරය සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා ඊයේ (12) අධිකරණය හමුවේ පැවසුවේ පෙත්සම්කාරිය මෙම දේපල නීත්‍යානුකූල හිමිකාරිත්වයට තුළ පරිහරණය කර තිබුණු බව පෙනී යන අතර වගඋත්තරකරුවන් බලහත්කාරයෙන් පෙත්සම්කාරියට එම දේපළ භුක්ති විඳීම අහිමිකර ඇති බවට කරුණු තහවුරු වන බවය.

එම නිසා එම දේපළෙහි සාමකාමී නිරවුල් භුක්තිය පෙත්සම්කාරියට හිමි විය යුතු බවද සිය තීන්දුව ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.

ඉනෝකා චන්දිමා සේනානායක පදිංචිව සිටියේ බම්බලපිටිය ෆැල්කන් රෙසිඩන්ස් නැමැති නිවාස සංකීරණයේ ය. එහි පිහිටි එම සුඛෝපභෝගී නිවස ඇයගේ පියාගේ සහෝදරියට අයත් එකකි. 2023 වසරේ මැයි 18 වෙනි දින එය ඉනෝකා භාරයට පත් කළ ඇය විදේශගත වි තිබිණි. ඇය විදේශගත වූ දිනයේ සිට නිවස නඩත්තු කරමින් රැක බලා ගනිමින් ඇය සහ ඇයගේ දියණිය එම නිවසේ ජීවත් වූහ.

මෙසේ ජීවත්වන අතර එක් දිනක් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුලු පිරිසක් නිවස පිහිටි ස්ථානයට පැමිණ ඇත. අනතුරුව ඉනෝකාට සහ ඇයගේ දියණියට එම නිවසට ඇතුල්වීමට ඉඩනොදී බාධා කරමින් කලහාකාරි ලෙස හැසිරි තිබේ. ඒ බව ඇය සිය පැමිණිල්ලේ ලිඛිතව දන්වා තිබිණි.

උක්ත සිදුවීමෙන් දින කිහිපයකට පසු සැකකාර ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ ශිෂ්‍ය සිවුරු පෙරවියෙක් ඉනෝකාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් නිවසින් ඉවත් වන ලෙසට බලපෑම් කර ඇත. ඒ අනුව ඇය ඒ පිළිබඳව බම්බලපිටිය පොලීසියට පැමිණිල්ලක් කර නිවස වෙත ගිය විට එහි ආරක්ෂාවට යොදවා සිටි නිලධාරියා නිවස වෙත ඇතුල් නොවන ලෙස ඉනෝකාට තර්ජනය කර තිබේ.

අනතුරුව ඇයට එල්ලවී තිබෙන මරණීය තර්ජන හේතුවෙන් ඇය සිය දියණිය රැකෙ එම නිවාස සංකීර්ණයෙන් ඉවත්ව ඒකල ප්‍රදේශට පැමිණ තාවකාලිකව පදිංචිව සිටිමින් අධිකරණයට මෙම නඩුකරය ගොනු කළාය.

ඇය ඉල්ලූ නීතියේ පිළිසරණ අධිකරණයෙන් ලැබී ඇත. ගලගොඩඅත්තේ ඥානසාර නැමැති සිවුරු පෙරවි පුද්ගලයාට අධිකරණය දැඩි ලෙස අවවාද කරමින් කොල්ල කෑ දෙපල නැවත හිමිකාරිත්වයට පවරා දෙන්න නියෝග කර ඇත.

හිරේ සිට ජනාධිපති විශේෂ සමාවකින් පැමිණි මෙවැනි පුද්ගලයින් දීර්ඝකාලීනව පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කළ යුතු කාලය එළඹ තිබේ.
-lankasara
 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka