ජනාධිපතිවරණයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර දේශපාලන එකතුවක් සිදුවීමට ඉඩක් නොමැති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඊයේ (03) ප්‍රකාශ කළේය.
“සමහරු කියනවා සමගි ජන බලවේගය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර දේශපාලන එකමුතුවක් වෙයි කියලා. මේකට ඇති ඉඩකඩ බොහොම අඩුයි. අපේ අපේක්ෂකයා ඉදිරියෙන් ඉන්න නිසා අපට එහෙම එකතුවක් අවශ්‍ය නැහැ,” මුජබර් රහුමාන් පැවසුවේය.
අද එක්සත් ජාතික පක්ෂයේ නන්දන ගුණතිලක රනිල් සහ සජිත් එකතුවීමේ අවශ්‍යතාවය සම්බන්ධව මාධ්‍ය හමුවක් පවත්වා අවධාරණය කළේය. බලගතු නායකයෙක් හැදීමට ප්‍රධානම අවශ්‍යතාවය මේ දෙදෙනා එක්වීම බවත් එය සජබේ දෙවැනි පෙළ සහ තුන්වැනි පෙළේ ප්‍රාර්ථනය බව තළතා අතුකෝරල ඉවත් වීමට පෙර කළ ප්‍රකාශයෙන් තහවුරු වන බවත් ඔහු පැවසුවේය.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පසුගියදා ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයට එරෙහිව ප්‍රධාන පාර්ශව සන්ධාන ගතවීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවය.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂය පාර්ශවයෙන් සජිත් සමගි ජන බලවේගයට එක්ව තරග කිරීම සඳහා ආරාධනා කළ නමුත් එම ආරාධනා ප්‍රතික්ෂේප කළ බව ඊයේ අනාවරණය විය.