ඉදිරිපත් කරන ගැඹුරු දේශපාලන සහ ආර්ථික ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා මුහුණට මුහුණ කරන ශාස්ත්‍රීය සංවාදයකට ඕනෑම අවස්ථාවක දී තමන් සූදානම් නමුත් ඊට පෙර කෝටි ප්‍රකෝටි ගණන් ජනතා මුදල් වැය කර නඩත්තු කරන ජනාධිපති උපදේශක සාගල රත්නායකගෙන් හෝ ජනාධිපති උපදේශක අකිල විරාජ් කාරියවසම්ගෙන් ජනාධිපතිවරයා ලබා ගත් එක් උපදේශයක් රටට කිව යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (09) ආනමඩුව ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමිනි.
එහිදී අනුර කුමාර දිසානායක පැවසුවේ මෙවැන්නකි.
“පහුගිය දවස්වල රනිල් වික්‍රමසිංහ මොනවද ප්‍රශ්න වගයක් අහලා මට උත්තර දෙන්න කියලා කියනවා. එයාගේ ගැඹුරු දේශපාලන ප්‍රශ්නවලට උත්තර දෙන්න කලින් මම එයාගෙන් සරල ප්‍රශ්න කීපයක් අහන්නම්. ඒ කඩඉම් විභාගෙ පාස් උනොත් අරවට උත්තර දෙන්නම්.”
“හරි සරල දෙයක්. රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ කඳවුරට හොරු හොරු කියලා කිව්වා. ඒක ඇත්තට ද කිවවෙ බොරුවට ද කිව්වෙ. ඒක අපට දැනගන්න ඕන.”
“ඊලඟට රනිල්ට දිනේෂ් ගුණවර්ධන කිව්වා රනිල්ට හොරා කියලා. රෝයල් එකේ එක පන්තියේ යාලුවො දෙන්නා. මට උත්තරයක් දෙන්න ඒ බොරුවට ද කිව්වේ. ඇත්තට ද කිව්වේ. “
“ලොකු ආර්ථික විද්‍යා ප්‍රශ්න අහන්නේ නෑ දැන්ම. ඔයා අරගොල්ලන්ට හොරු කිව්වා. ඒගොල්ලො ඔයාට හොරා කිව්වා. ගමේ සෙල්ලම් ගෙදර වගේ හොරා පොලිස් සෙල්ලම කළා ද?. ඒකට උත්තර දෙන්න.”
“රාජ්‍ය මුදල් විශාල ප්‍රමාණයක් වියදම් කරමින් එයාගේ උපදේශකවරු පත් කරගෙන තියනවා. එක්කෙන් අකිල විරාජ්. එයාට කෝටි ගනන් මහජන මුදල් වියදම් කරලා නඩත්තු කරනවා. ඔයා අකිල විරාජ්ගෙන් ගත්ත එක උපදේශයක් රටට කියන්න.”
“සාගල රත්නායක රනිල් ගෙ උපදේශකයෙක්. ආණ්ඩුවෙන් ලක්ෂ ගණන් සල්ලි වියදම්කර පඩි ගෙවනවා. කෝටි ගනන් වටිනා රජයේ වාහන දීලා තියනවා. ආණ්ඩුවෙන් සිය ගණන් ආරක්ෂකයින් දිලා තියනවා. රනිල් එක උත්තරයක් දෙන්න. සාගලගෙන් ගත්ත එක උපදේශයක් රටට කියන්න. ඒ කඩඉම් විභාගය පාස් වුනොත් අපි අනික් ප්‍රශ්නවලට උත්තර දෙන්නම්. “
“ඒ වගේම හිටිවන කවි මඩුව වගේ වේදිකාවෙන් වේදිකාවට මේවට උත්තර දෙන්න බෑ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ඉතා හොඳ විවෘත සංවාදයක් කරමු. අපි සූදානම් ඔයාගෙ හැම ප්‍රශ්නයකටම එකින් එක උත්තර දෙන්න විතරක් නෙමෙයි, ඔයාව ප්‍රශ්න කරන්නත් .”
“ඔයා වැලිමඩ අහන ප්‍රශ්නයට මට ආනමඩුවෙදි උත්තර දීලා වැඩක් නෑ. අපි එක තැන ඉඳගෙන කතා කරමු. ඔයා මගෙන් අහන්න මම කියන්නම්. මම ඔයාගෙන් අහන්නම්. ඔයා කියන්න. “
“එහෙම විවාදයක් කරමු.” අනුර කුමාර දිසානායක කීවේය.