gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දළදා මැදුරේ ප්‍රී ෂූට් වැඩේ “කොඩිනේට්” කර ඇත්තේ අස්ගිරි පිරිවෙනේ භික්ෂුවක්…. යුවල සහ ඡායාරූප ශිල්පියා පොලිසිය මගහරී!

ශ්‍රී  දළදා මාලිගාවේ දී ප්‍රී ෂූට් කළ යුවළට  එම ඡායාරූප කළ ලක්මාල් සිංහාරගේ නැමැති නැමැති ඡායාරූප ශිල්පියාට පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස කළ දැනුම් දීම මගහැර එම චූදිතයින් ඊයේ (09) මහනුවර පොලිසියට නොපැමිණ මග හැර ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ මෙම පුද්ගලයින් දළදා මැදුර වෙත රැගෙන විත් තිබෙන්නේ අස්ගිරි පිරිවෙනේ  හිමිනමක් විසිනි. එම හිමිනම  මගින් පොලිසිය මේ කණ්ඩායමට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබිණි.

කෙසේ වෙතත් මෙම සිදුවීම අවසාන වශයෙන් දළදා මාළිගාවේ ආරක්ෂාව සම්බන්ධව බරපතල ප්‍රශ්නයක් ඇති කරන බව පෙනී ගොස් ඇත්තේ දියවඩන නිලමේවරයාවත් නොදැන පසුගිය අගෝස්තු මස  අගොස්තු 24දා සිදුවූ  උක්ත ඡායාරූපකරණය සමාජ කථිකාවට ලක් වන්නේ එය පසුගිය 05 වැනිදා ඔවුන් විසින්ම සමාජ මාධ්‍යය වෙත මුදා හැරීමෙන් අනතුරුව වීමය.

ශ්‍රී දළදා මාලිගාව යනු අධි ආරක්ෂාවට ලක්වන කලාපයකි.  දළදා මාලිගාව වෙනුවෙන්ම ස්ථානාධිපතිවරයෙක් සහිත පොලිස් ඒකකයක් තිබේ. විශේෂ බුද්ධි සේවාවක් තිබේ. අති නවීන සීසිටීවී කැමරා පද්ධතියකින් පරිශය නිරීක්ෂණය වෙමින් ඇත. යුද හමුදා ඛණ්ඩයක් සහ ගුවන් හමුදා ඒකකයක් ද දළදා මාලිගා පරිශ්‍රයේ ආරක්ෂාව සඳහාම පිහිටුවා ඇත.  මේ සියලුම විධික්‍රම පවතිද්දි මෙවැනි  වාණිජ කටයුත්තක් සඳහා කිසිවෙක් නොදැන දළදා මාළිගා පරිශ්‍රය අවභාවිතා කිරීම නැවත වරක් ප්‍රශ්න කරන්නේ එහි ආරක්ෂක තත්ත්වය බව පෙනී ගොස් ඇත.

දියවඩන නිලමේවරයා ඊයේ ප්‍රකාශ කර තිබුණේ පොලිසිය හෝ ආරක්ෂක අංශ නොදැනුවත්ව මෙවැනි දෙයක් සිදුවිය නොහැකි බවය.  ඒ සම්බන්ධව පරීක්ෂණයක් ද පවත්වන බවය.

කෙසේ වෙතත් ඔවුන් අස්ගිරි පිරිවෙනේ ප්‍රධාන භික්ෂුවකගේ ආධාර සහ රැකවරණය සහිතව මේ ඡායාරූපකරණයේ නිරත වීමත් එය සති තුනකට ආසන්න කාලයක් ිකිසිවෙක් නොදැන සිටීමත් බරපතල ගැටලුවක් බවත් අවසාන වශයෙන් දළදා මාලිගාවේ අනාරක්ෂිත බව ප්‍රකාශ කරන බව පෙනී ගොස් තිබේ.

එමෙන්ම මෙවැනි  හෙළි නොවුන රහසිතගත කටයුතු දළදා මාළිගා පරිශ්‍රය තුළ කොතෙක් සිදුවනු ඇතිදැයි   දැන්  සමාජයේ විවිධ කොටස් ප්‍රශ්න කරමින් ඇත. චූදිතයන් පොලිසිය මග හරින්නේත් අස්ගිරි පිරිවෙනේ භික්ෂුවගේ හයියෙන් දැයි නොතේරෙන බව මේ සම්බන්ධව කළ විමසීමක දී ආරක්ෂක අංශ නිලධාරියෙක් ලංකාසරට පැවසුවේය.


සිද්ධිය පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලංකාසර කළ විමසීමකදී පුරාවිද්‍යා බලධාරීන් පවසන්නේ සිදුව ඇත්තේ පුරාවිද්‍යා ආඥාපනත උල්ලංඝණය කිරීමක් බවය.

ඒ අර්ථයෙන් සිදුකරන විමර්ශනයක දි  මෙම කණ්ඩායම අත් අඩංගුවට ගත හැකි බව ද දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka