ගීතා කුමාරසිංහ ඇතුළු 5ක් රාජ්‍ය අමාත්‍ය ධූරවලින් ඉවතට
වහා ම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු ඔවුන් දැරූ ධූරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය මේ පිළිබඳව නිවේදනය කළේය. ඒ අනුව, ගීතා කුමාරසිංහ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, අමිත් තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර සහ ඩී.වී. චානක යන අමාත්‍යවරු එම ධූරවලින් ඉවත් කර ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3) (අ) වගන්තිය අනුව එම ඉවත් කිරීම් සිදු කර ඇති බව ය.
ගීතා කුමාරසිංහ ඇතුළු 5ක් රාජ්‍ය අමාත්‍ය ධූරවලින් ඉවතට
2024-09-10T21:24:00+05:30
Gossip Lanka Hot News






