gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අනුර වෙනුවට නිපුනආරච්චි නම් කරයි… දිවුරන්න වෙන්නේ 08 වැනිදා..

අද දිනයේ ජනාධිපති ධූරයට පත් අනුර කුමාර දිසානායක මහතාගෙන් පුරප්පාඩු වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් හිස්ව ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් වරිය විසින්මැතිවරණ කොමිෂන් සභාව වෙත දන්වා යැවීමෙන් අනතුරව මෙම පියවර ගෙන ඇත.

මැතිවරණ කොමිසම විසින් නව මන්ත්‍රීවරයෙක් ගැසට් කළ පසු පාර්ලිමේන්තුවේ කථානායකවරයා ඉදිරියේ දිවුරුන් දීමෙන් පසු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වෙයි.

පාර්ලිමේන්තුව යලි කැදවීමට නියමිතව ඇත්තේ එළැඹෙන 08 වැනිදා වන අතර ඊට පෙර දිවුරුම් දෙන්නේ නම් පාර්ලිමේන්තුව හදිසි කැදවීමක් කල යුතුව ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka