අද (20) පස්වරුවේ සමගි ජන බලවේගය විසින් සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවක් සඳහා සහභාගී වෙමින් එම පක්ෂයේ සුජීව සේනසිංහ මහතා පවසා සිටියේ මෙවර ජනාධිපතිවරණයේදී වමේ දේශපාලන පක්ෂ කොටස් තුනකට බෙදී තිබීම සමගි ජන බලවේගයේ ජයග්‍රහණය සඳහා මූලික වශයෙන් බලපානු ඇති බවයි.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ 1948න් පසු වමේ දේශපාලනය තුනට බෙදූනු පළමුවැනි අවස්ථාව මෙය බවත් රනිල් වික්‍රමසිංහ, නාමල් රාජපක්ෂ සහ අනුර කුමාර දිසානායක යන ප්‍රධාන අපේක්ෂකයන් තරඟ වදිනා වමේ නියෝජනය කොටස් තුනකට විසිරී සිටීම දකුණේ පක්ෂයක් ලෙස සජබ ට වාසි සහගත බවයි.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ සීයට 28ක ප්රතිශතයක සිටින බවත් රනිල් වික්‍රමසිංහ මහතා සියයට 18ක සිටින බවත් නාමල් රාජපක්ෂ මහතා සියයට 8ක සිටිනා අතර සජබ සියලුදෙනාට ඉදිරියෙන් සීයට 48-49 අතර පසුවන බවයි.
මේ වන විට සමගි ජන බලවේගයට සමගි ජන බලවේගයම අභියෝගය වී ඇති බවත්, සියයට 49 ක් ගන්නවාද සියයට 50ක් ගන්නවාද සියයට 51ක් ගන්නවාද යන්න පමණක් එම අභියෝගය බවත් ඔහු වැඩිදුරටත් පවසයි.