අරගල සමයේ දී තම නිවෙසට පහර දීමට පැමිණි පිරිස තුවක්කු දැක පලාගිය බවත් නිවෙසට පහර දුන්නේ නම් වෙඩි තබන බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නුවරඑළිය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී එස්.බී. දිසානායක මහතා පැවැසීය.
හඟුරන්කෙත, මාදන්වල ප්රදේශයේ උත්සව ශාලාවක දී හඟුරන්කෙත ආසනයේ සමෘද්ධි සංවර්ධන, කෘෂිකර්ම පරේක්ෂණ නිළධාරීන් අමතා ඒ මහතා මේ බව පැවසීය.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.
‘අරගලයක් ඇතිවෙලා ගෝල්ෆේස් පිට්ටනිය හට් ගහලා ගණිකාවන්ට හට් හයයි. ගංජා ගහන්න හට් දෙකයි, කුඩු ගහන්න හට් දෙකයි වශයෙන් හදාගත්තා. ජනාධිපති ලේකම් කාර්යාලයට යන්න දුන්නේ නෑ. පොලිසිය, හමුදාව ගෝඨාභයගේ නියෝග ගණන් ගත්තේ නෑ. මහින්ද රාජපක්ෂ අගමැති අරලියගහ මන්දිරයේ හිරවෙලා හිටියේ.
ගෝඨාභය සජිත්ට අගමැතිකම ගන්න කිව්වා. බයේ දිව්වා. අනුර කුමාර ගත්තේ නෑ. සරත් ෆොන්සේකා ගත්තේ නැ. රනිල් වික්රමසිංහ මහතා චිතරයි බාරගත්තේ එතුමා තමයි ආර්ථිකය ගොඩ ගත්තේ. අද විශ්ව විද්යාල ආචාර්යවරු, පොහොට්ටුවේ බහුතරයක් ඉන්නේ එතුමා සමඟ.
අරගල සමයේ දී මගේ ගෙදරටත් ගහන්න ආවා. පොඩි සද්දයක් දැම්මා. මගේ තිබ්බ තුවක්කු දැකලා ආව වේගෙට වඩා වේගෙන් දිව්වා, ගෙදරට ගැහුවා නම් අනිවාර්යයෙන්ම වෙඩි තියනවා ‘ යනුවෙන් පැවැසීය.
– හඟුරන්කෙත ඒ. ජේ. කරුඳගොල්ල