පසුගිය දා පල්ලේකැලේ ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති ලෙජන්ඩ් කුසලාන තරගාවලියේ දී උපුල් තරංගට සහ නවසීලන්ත ක්‍රීඩක නීල් බෲට්ට තරග පාවාදීමට යෝජනා කළ බවට චෝදනා ලද පංජාබ් රෝයල්ස් කණ්ඩායමේ කළමණාකාර පැවලෝජඩියා ආකාශ්ට රුපියල් එක් කෝටි දස ලක්ෂයක දඩයක් ගෙවන ලෙස මහනුවර මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි ඊයේ (27) නියෝග කළාය.
ලෙජන්ඩ් කුසලාන ක්‍රිකට් තරඟාවලිය අතරතුර උපුල් තරංග හා නේල් ට්‍රවර් බෲට් ක්‍රීඩා වලට සම්බන්ධ දූෂණ වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශන වලින් පසු අදාළ කළමනාකාරවරයා අත්අඩංගුවට ගනු ලැබූ අතර නීතිපතිවරයා විසින් 2019 අංක 24 දරන ක්‍රීඩා වලට සම්බන්ධ දූෂණ වැලැක්වීමේ පනත යටතේ ඔහුට චෝදනා දෙකක් යටතේ නඩු පවරා තිබිණි.
අදාළ චෝදනා සම්බන්ධ නඩු විභාගයේ දී එක් චෝදනාවක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 55 බැගින් චෝදනා දෙක වෙනුවෙන් මහාධිකරණ විනිසුරුවරිය රුපියල් එක්කෝටි දස ලක්ෂයක දඩයක් නියම කළාය.
එක් චෝදනාවකට අදාළ දඩ මුදල නොගෙවන්නේ නම් වසර 2 1/2 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම වන බව ද විනිසුරුවරිය දැන්වූවාය. නඩු තීන්දුව ප්‍රකාරව දඩ මුදල නොගෙවන්නේ නම් චූදිතයාට බරපතල වැඩ සහිත පස් අවුරුදු සිරඳඬුවමක් විඳන්නට සිදුවනු ඇත.