තමා ජනාධිපති වූ පසු විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විධායක ජනාධිපති ධූරය ඉවත් කරන බවට බොහෝ දෙනෙකු ප්‍රකාශ කළ ද කිසිවෙකු එය ඉටු නොකළ බවයි, ඔහු පෙන්වා දුන්නේ.
තමන්ට තනතුරු බදා ගැනීමේ ආශාවක් නොමැති බවත් ජනාධිපති වී ජනාධිපති ධූරය අහෝසි කොට පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදී ක්‍රමය වැළඳ ගන්නා බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ඊයේ (18) රුවන්වැල්ලේ පැවැති ජන රැලියක් අමතමින් හෙතෙම මේ බව කීය.
සැප්තැම්බර් 21 මේ රටේ ජනතාව දුකින් මුදවන යුගය ආරම්භ කරන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.