ඇමැතිකම නැතිවූ හරීන්ට ඒ වගේම උපදේශක කමක්!
සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට හරීන් ප්‍රනාන්දු මහතාව පත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ ලිපිය ඉකුත් 16වෙනිදා දිනැතිව හරීන් ප්‍රනාන්දු මහතා වෙත යොමු කර ඇත.
වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදු කර තිබේ. පසුගියදා ලබාදුන් අධිකරණ තීන්දුවකට අනුව හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර මහත්වරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහෝසි විය. ඒ අනුව ඔවුන් එවකට දරමින් සිටි අමාත්‍ය ධුරද අහෝසි විය. එම පුරප්පාඩු වූ මන්ත්‍රී ධුර ජනාධිපතිවරයා යටතට පවරා ගනිමින් ගැසට් පත්‍රයක් නිකුත් කෙරුණි.
ඇමැතිකම නැතිවූ හරීන්ට ඒ වගේම උපදේශක කමක්!
2024-08-19T07:50:00+05:30
Gossip Lanka Hot News






