යහමින් මුදල් හම්බ කරගත හැකි අමාත්‍යංශයක් ලබාදීම සඳහා රිෂාඩ් බදියුදීන් මහතා සජිත් ප්‍රේමදාස මහතාට කොන්දේසි දමා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා සඳහන් කරයි.
රිෂාඩ් බදියුදීන් මහතගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙකු වන ඔහු කියා සිටියේ බදියුදීන් මහතා සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව සිටින්නේ ඊළඟ පාර්ලිමේන්තුවේදී කැබිනට් අමාත්‍ය ධූර, හා නියෝජ්‍ය ඇමති ධුර සම්බන්ධයෙන් කොන්දේසි රැසක් ඉදිරිපත් කරමින් බවයි.
අදාළ අමාත්‍යංශය සඳහා ලබාදෙන ආයතන සඳහා කොන්දේසි පනවා ඇතැයිද කී ඔහු එම අමාත්‍යංශ හොඳින් මුදල් හම්බකර හැකි වන ඒවා විය යුතු බව දන්වා ඇතැයි කියා සිටියේය.
එම පක්ෂයේ මන්ත්‍රිවරුන් තිදෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම සඳහා කොළඹ පවත්වන ලද මාධ්‍ය හමුවකදී එම මන්ත්රීවරුම මේ බව කියා සිටියේය.