මෙවර කාන්තා නියෝජනයක් නොමැති ජනපති ධූර අපේක්ෂක ලයිස්තුව හබලක් නැති ඔරුවක් වැනි බව රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ සදහන් කළාය.
කාන්තාවන්ට නිසි තැන, සම තැන දිය යුතු බවට පක්ෂ නායකයින් පාර්ලිමේන්තුවේදී උජාරුවට කතා කළද පාර්ලිමේන්තුවේ සියයට 6ට අඩු කාන්තා නියෝජනයක් සිටින බව රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කළාය.
කොතරම් පම්පෝරි ගැසුවත් ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් කාන්තා නියෝජනය සදහා ඉඩ නොදීම දැඩි කනගාටුවට කරුණක් බවද රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කළාය.
රාජ්‍ය අමාත්‍යවරිය කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළාය.