gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

දෙනෝදහක් ඉදිරියේ රනිල් – සජිත් රටට පෙන්වූ හැසිරීම! (VIDEO)

අද (15) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේදී සියලුම ජනාධිපති ධූර අපේක්ෂකයන් නාම යෝජනා භාරදීම සඳහා පැමිණි අවස්ථාවේදී එම අපේක්ෂකයින් එකිනෙකා අතර සුහද කතාබස්වල යෙදෙමින් සිටිනු මාධ්‍ය වාර්තා කර තිබුණි.

එම අවස්ථාවේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ සිටින අපේක්ෂකයින් සමඟ කතාබස් කරමින්, අතට අත දෙමින් සුබ පතමින් සිටි අතර එම අවස්ථාවේදී ඊට පිටුපසින් සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙතද අචාරශීලීව අත දිගු කළ නමුත් සජිත් ප්‍රේමදාස මහතා එම පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් නිසොල්මන්ව සිටි අයුරු මාධ්‍ය වාර්තා කර තිබුනි.

එම හැසිරීම සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ මේ වන විට නොයෙකුත් විවේචන මෙන්ම ප්‍රශංසා එල්ල වෙමින් පවතින අතර එම අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහගේ නම්බුව නැති වූවාද, සජිත් ප්‍රේමදාසගේ නම්බුව නැති කරගත්තාද යන්න පාඨක ඔබගේ තීරණයයි.

එම වීඩියෝව පහතින්,
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka