සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් අද (15) පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී නාමයෝජනා භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ එළඹෙන සැප්තැම්බර් 21 වැනි දායින් පසුව අප රටේ එහෙට මෙහෙට පනිනා ගෙඹි දේශපාලනය අවසන් කරනා බවයි.
අනුර දිසානායක මහතා පවසා සිටියේට් දින කිහිපයකට පෙර දේශපාලන වේදිකාවේ එකිනෙකාට විරුද්ධව අවලාද නගා ගත්, චෝදනා කරගත් කණ්ඩායම් මේ වන විට එකම වේදිකාවක ජනතාවට එරෙහිව පෙළ ගැසෙමින් සිටිනා බවයි.
එමෙන්ම මේ දිනවල අති විශාල ගිවිසුම් සංඛ්‍යාවක් අත්සන් කරමින් නොයෙකුත් පාර්ශව සංධාන ගතවෙමින් සිටිනා බවත් එම ගිවිසුම් වල ඇතුළත් වන්නේ ඉදිරියේදී බෙදා ගැනීමට බලාපොරොත්තුවන තම තමන්ගේ වරප්‍රසාද මිසක් අන් කිසිවක් නොවන බවද දිසානායක මහතා සඳහන් කළේය.
ජාතික ජන බලවේගය විසින් මේ රට මේ රට ගොඩනගනා බවත්, රටේ නීතිය සහ ආධිපත්‍ය ආරක්ෂා කරනා බවත්, ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ ඉතාමත් කීර්තිමත් රාජ්‍යයක් බවට පත් කරනවා බවත් දිසානායක මහතා අවධාරණය කළේය.