විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයෙකු වූ ප්‍රදීප් අනුර කුමාර මහතා අභාවප්‍රාප්ත වී ඇත. අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 53 වන වියේ පසුවිය. ඊයේ (14) රාත්‍රියේ ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු ඔහු එහි එහිදී මියගොස් ඇත.
දිවයින පුවත්පතෙන් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කල ප්‍රදීප් අනුර කුමාර මහතා, ලක්හඬ , V FM , ජාතික රූපවාහිනිය ඇතුළු මාධ්‍ය ආයතන රැසක වසර 30ට අධික කාලයක් සේවය කර ඇත.
අභාවප්‍රාප්ත වන විට ඔහු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස දීර්ඝ කාලයක සිට සේවයකරමින් සිටියේය.
අභාවප්‍රාප්ත ප්‍රදීප් අනුර කුමාර මහතාගේ දේහය අංක 239/3, අරලිය උයන, මිනුවන්ගොඩ පාර, කොටුගොඩ ලිපිනයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු සෙනසුරාදා කොටුගොඩ, පොදුසුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.