නාමල් පාක්ෂිකයන් රවටා රනිල් සමග රහසිගත සන්ධානයක් හදයි!
පොදුජන පෙරමුණ පක්ෂයේ අපේක්ෂක නාමල් රාජපක්ෂ එළඹෙන ජනාධිපතිවරණයට තරග නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී දිසානායක සදහන් කරයි.
පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ උත්සවයක් පවත්වා නාමල් රාජපක්ෂ ඉදිරිපත් කළේ බර ඇතිව රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස සමග කතා කිරීමට හැකි නිසා බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
නාමල් රාජපක්ෂ තරග නොකර රටේ ප්‍රධාන අපේක්ෂකයින් සමග රහසිගත සන්ධානයක් නිර්මාණය කිරීමට සැරසෙන බවත් නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට තරග නොකර ඉවත් වන බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දැඩි අභියෝගයක් දීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළත් පොදුජන පෙරමුණට අභියෝගයක් දීමට නොහැකි බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
රටේ ඇත්ත තත්ත්වය අනුව පොදුජන පෙරමුණ සිටින්නේ 4ටත් පහළින් බවත් ධම්මික පෙරෙරා නිකරුණේ සල්ලි නාස්ති නොකර ඉවත් වු බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
නාමල් පාක්ෂිකයන් රවටා රනිල් සමග රහසිගත සන්ධානයක් හදයි!
2024-08-08T09:33:00+05:30
Gossip Lanka Hot News






