ඊයේ (7) දිනයේ කටුනායක ගුවන්තොටුපලේ බහාලුම් අශයේ සිදුකළ පරීක්ෂාවකදී පරිගණක උපාංග තුළ සඟවා ශූක්ෂම ලෙස මෙරටට ගෙන්වූ කෝටි 15කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලදී.
පරිගණක දෘඩාංග තැටි තුළ සූක්ෂම ලෙස රඳවා රුපියල් කෝටි 15කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍යක් තොගයක් මෙළෙස ශ්‍රී ලංකාව වෙත එවා තිබුනි.
එම වැටලීම සිදුකර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි.
ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිමින් මත්ද්‍රව ජාලය හසුරුවන නිපුන නමැති ජාවාරම්කරු විසින් මෙම මත්ද්‍රව්‍ය මෙරටට එවා ඇති බව පොලීසිය පවසයි.