සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ඊයේ (7) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ගිවිසගෙන ඇති කාරණා නැවත වෙනස් කළ නොහැකි යැයි පවසන්නේ ඒ සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක් නොමැති පිරිස් බවයි.
ඔහු අවධාරණය කර සිටියේ සමගි ජන බලවේග රජයක් යටතේ අනිවාර්යෙන්ම එම ගිවිසුම් සංශෝධනය වන බවයි.
එමෙන්ම IMF ගිවිසුමේ කිසිදු ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කළ නොහැකි බවට පවසන උන් පිස්සන් බවත්, එසේ පවසන ජගතෙක් උගතෙක් හෝ ශූරයෙක් සිටී නම් ඉදිරිපත් වන ලෙසත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අභියෝගයක්ද එල්ල කළේය.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය සහ වර්ධනය සම්බන්ධයෙන් දරන ස්ථාවරයන්හි ගැටලු පවතින බව පෙන්වාදුන් මන්ත්‍රීවරයා එම ස්ථාවරයන් සම්බන්ධව එකඟ නොවන බවත් එම කාරණා අනිවාර්යෙන්ම සංශෝධනය විය යුතු බවත් වැඩිදුරටත් පැවසීය.