‘සහය දෙන්න මං එන්නද’ මෛත‍්‍රී රනිල්ගෙන් අහයි.. එපා කියා හරවා යවයි
ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කිරීමට තමන් කැමති බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දන්වා ඇතැයි ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
නමුත් ජනාධිපතිවරයා එය ප‍්‍රතික්‍ෂෙප කරමින් විශ්වාසය තැබිය නොහැකි පුද්ගලයකුගේ සහාය තමන්ට අවශ්‍ය නැති බව දන්වා ඇතැයිද ඇමතිවරයා කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයා අද යන එන මං නැති තත්ත්වයකට පත්ව ඇති බව පැවසූ ඔහු කිසිදු පක්ෂයකින් ඔහු භාර ගැනීමට කැමැත්තක් නොදක්වන බවද කියා සිටියේය.
තම පක්ෂයේ හිටපු නායකයකු හිටපු ජනාධිපතිවරයෙකු මෙතරම් පහත් තත්ත්වයකට ඇද වැටීම පිළිබඳව කණගාටුවට පත්වන බවද හෙතෙම තවදුරටත් පැවසුවේය.
‘සහය දෙන්න මං එන්නද’ මෛත‍්‍රී රනිල්ගෙන් අහයි.. එපා කියා හරවා යවයි
2024-08-16T12:01:00+05:30
Gossip Lanka Hot News





