මගේ පියානෝ මට දේශපාලනය තහනම් කරලයි තිබුනේ..- සජිත්
තම පියා වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ජීවතුන් අතර සිටියදී තමන්ට දේශපාලනය තහනම් කර තිබූ බව විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
පවුල් දේශපාලනයට තමන් විරුද්ධ බවද පැවසූ ඔහු තමන්ව දේශපාලනයට ගෙන එන්න යෝජනා කළ එදා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකුගේ පක්ෂ සාමාජිකත්වය පවා තම පියා විසින් අත්හිටුවන ලද බවද හෙතෙම පැවසීය.
තමන් දේශපාලන පවුලකින් පැවත එන්නෙකු වුවද ඒ සම්බන්ධයෙන් කිසි උද්ධච්චකමක් හෝ අධි තක්සේරුවක් නැතැයිද පැවසු ඔහු තමන්ගේ නිහතමානිකව වැඩිමවත් තව ටිකක් පොෂ් විය යුතු බවත් ඇතැමුන් කියන බවද ඔහු කියා සිටී.
එම පක්‍ෂය විසින් සංවිධානය කරන ලද උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
මගේ පියානෝ මට දේශපාලනය තහනම් කරලයි තිබුනේ..- සජිත්
2024-08-16T20:50:00+05:30
Gossip Lanka Hot News





