gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ජනාධිපතිවරණය නිරික්ෂණයට අන්තර්ජාතික සංවිධාන රැසක් පැමිණෙති

යුරෝපිය සංගමයේ සහ ආසියානු මැතිවරණ නිරික්ෂකයන්ගේ සංගමයේ නිලධාරින් රැසක් සහ දේශිය මැතිවරණ නිරික්ෂකයන් රැසක් ජනාධිපතිවරණ නිරික්ෂණ කටයුතු සදහා ඉල්ලිම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා පැවසිය.

සමන් ශ්‍රි රත්නායක මහතා ඒ බැව් කියා සිටියේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරි සදහා යොදවන පොලිස් නිලධාරින්, රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරිම සදහා නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දැනුවත් කිරිමේ වැඩසටහනට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා කියා සිටියේ මේ වන විට රාජ්‍ය දේපල අවභාවිතාව සම්බන්ධයෙන් පැමිණිලි 320 කට ආසන්න ප්‍රමාණයක් ලැබිලා තියෙනවා, මේ සම්බන්ධයෙන් අපි විමර්ෂණ කටයුතු සිදු කරනවා.

සෑම දිස්ත්‍රික්කයකම රාජ්‍ය දේපල අවභාවිතාව සම්බන්ධයෙන් සොයා බැලිමට කණ්ඩායම් පත් කරලා තියෙනවා, මැතිවරණ සමයේ සිදුවිය හැකි වංචාවන් වැලක්විම සදහා පොලිසිය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරින් සමග අපි සාකච්ඡා කරනවා ඒ වැලැක්විම සදහා.

පළාත් නවයේම නියෝජ්‍ය පොලිස්පතිවරුන්, සහකාර පොලිස් අධිකාරිවරුන්, පොලිස් ස්ථානාධිපතිවරුන්, මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් ඇතුළු මැතිවරණ කටයුතු සදහා සම්බන්ධ සියළුම නිලධාරින් දැනුවත් කිරිමට මෙම කටයුතු කරමින් සිටිනවා යනුවෙන් පැවසිය.

මෙම සාකච්ඡාව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරි නන්දන ගලබඩ මහතා විසින් සංවිධානය කර තිබුණි.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණය සදහා ජන්දය භාවිතා කිරිම හය ලක්ෂ පන්දහස් දෙසිය අනු දෙකක පිරිසක් ලියාපදිංචි වි ඇත.

– රංජිත් රාජපක්ෂ


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka