gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජීවිතාරක්ෂක ඖෂධ රැසක හිඟයක්... සිහි නැති කලොත් සිහිය ගන්න විදිහක් නෑ!

මෙරට රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය එන්නත් රැසකම තොග අවසන් වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර නිර්වින්දනයෙන් පසු යළි ප්‍රකෘති සිහිය ලබාදීම සඳහා භාවිත කරන නියොස්ටිග්මයින් නැමැති එන්නද රෝහල් පද්ධතිය තුළ නැති බව වාර්තා වේ.

එමෙන්ම නිර්වින්දනය සඳහා භාවිත කරන ලිග්නොකේන් එන්න සහ සෙංගමාලය වැළැක්වීම සඳහා රෝගීන්ට ලබා දෙන හෙපිටයිටීස් බී එන්නතේද හිඟයක් පවතින බවද සඳහන්.

මේ සම්බන්ධව අදහස් දක්වමින් වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය ජී.ජී චමල් සංජීව මහතා පවසා සිටියේ මෙම තත්ත්වය කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයිනේ හදිසි හෘද රෝග සැත්කම් සිදුකරන රෝහල් රැසකම පවතිනා අතර, රෝගීන්ගේ ජීවිත රැක ගැනීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ රැසක්ම රෝහල් තුළ අවසන් වී ඇති බවයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසා සිටියේ මේ වන විට එන්නත් කිහිපයක හිඟයක් පවතිනා නමුත් ලබන 13 වැනිදා නව එන්නත් තොග ලැබීමට නියමිත බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka