ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් ගැලවී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට ඉදිරිපත්ව සිටි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නැවතත් පක්ෂයට එකතු වීමට තීරණය කර ඇත.
පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂට සහාය දැක්වීම සදහා අද දිනයේ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වී නැවත එම පක්ෂයට එකතුවීමට නියමිත බව වාර්තා වේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් සභා හා පලාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රේමලාල් ජයසේකර සමග පොදුජන පෙරමුණ අපේක්ෂක නාමල් රාජපක්ෂ දිනවීම සදහා එකතුවීමට නියමිත බව වාර්තා වේ.