ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ උපරිම අමාත්‍ය ධුර ප්‍රමාණය 25ක් දක්වා සීමා කරන බවත් රාජ්‍ය අමාත්‍යවරුන් කිසිවෙකු පත් නොකරන බවද ජාතික ජන බලවේග නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක සඳහන් කරයි.
ආණ්ඩුවේ අමාත්‍ය ධුර 25 සදහා අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පමණක් නම් කරන බවත් රාජ්‍ය ආයතන පාලනය සඳහා විවිධ ස්ථානයන්හි සිටින සුදුසුකම් සහිත පුද්ගලයන්ට ඒවා බාර දෙන බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
අමාත්‍යවරුන් සඳහා නිල නිවාස, විදුලි බිල්, වතුර බිල්පත් රජයෙන් ගෙවීම අත්හිටුවන බවත් අමාත්‍යවරයකු සඳහා සාමාන්‍ය එක් වාහනයක් පමණක් ලබාදෙන බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
ජාතික ජන බලවේග ව්‍යාපාරික හමුවක් අමතමින් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.