පොහොට්ටුව සමග එකට සිටින වකවානුවේ පොහොට්ටුවේ මංගල රැළිය පැවැත්වීම සඳහා සැලසුම් සකස් කරමින් සිට පසුව ජනපති රනිල් වික්‍රමසිංහ හා සම්බන්ධ වූ එස්.එම්. චන්ද්‍රසේන ඇතුළු කණ්ඩායම පොහොට්ටුවේ රැස්වීම පැවැත්වීමට සූදානම් කළ සල්ගාදු ක්‍රීඩාංගනය පවා අහිමි කළ ආකාරය ගැන පොහොට්ටු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි විසින් හෙළි දරවු කළේය.
ඔහු මේ හෙළිදරවු කිරීම සිදුකළේ අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
තමන් නොමැතිව අනුරාධපුරයේ රැස්වීම් පැවැත්වීමට පොහොට්ටුවට ඉඩ නොදෙන බව කී එස්.එම්. චන්ද්‍රසේන ඇතුළු කණ්ඩායමේ හැසිරීම සම්බන්ධව තිස්ස කුට්ටිආරච්චි මෙසේ පැවසුවේය.
“පොහොට්ටුවෙ මංගල රැස්වීම පවත්වන්නෙ අනුරාධපුරයේ. 21 වැනිදා අපි සල්ගාදු ක්‍රිඩාංගනයේ තමයි යොදාගෙන තිබුණේ අපේ රැස්වීමට. ඒ යොදාගන්න රැස්වීම් කමිටුවේ අපේ චන්ද්‍රසේන ඇමතිතුමා හිටියා. ජාතික කැඳවුම්කරු විදිහට රෝහිත ඇමතිතුමා හිටියා. පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය හිටියා මේ සැලසුම් හදද්දි මෙහෙ භාණ්ඩාගාරික විදිහට. “
“ඒ සියලු දෙනා දන්නවා මේ රැළිය පවත්වන්න තිබුනෙ සල්ගාදු ක්‍රීඩාංගනයේ කියලා. ඒගොල්ල ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හේත්තු වුනා. කවදාවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා අනුරාධපුරේ සල්ගාදු ක්‍රීඩාංගනයෙන් රැස්වීම් පටන් ගත්තේ නෑ. හැබැයි මේ පාර 17 වැනිදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙනිහිල්ලා අපේ තැන, සල්ගාදු ක්‍රීඩාංගනය රැස්වීමක් තියනවා… ඔහුව එතන හිටවලා තියලා රනිල් අප්පච්චී කියන්න තමයි සූදානම් වෙන්නේ.”
“ඒක එතනින් නතර නොවී 23 වැනිදා දක්වා ක්‍රීඩාංගනය බුක් කරලා තියනවා. “
“අපිත් එහෙම අත්හරින්නේ නෑ. 21 වැනිදා අපිත් අනුරාධපුරේ රැස්වීම පවත්වනවා. ” තිස්ස කුට්ටිආරච්චි පැවසුවේ
මේ වනවිට අනුරාධපුරයේ කඩ 50 භූමිය මෙම රැස්වීම සඳහා සූදානම් කරමින් ඇත.