gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජොනියි-සාගරයි ඇවිත් සුබ මොහොතින් නාමල්ට ඇප තැන්පත් කරයි! (VIDEO)

2024 ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප තැන්පත් කර තිබේ.
ඒ පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසිනි.

මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා,

“සුබ මොහොතින් ඇප මුදල් තැන්පත් කරලා ජයග්‍රාහී ගමනේ තවත් පියවරක් ඉදිරියට තැබුවා. සැප්තැම්බර් 22 වෙද්දි 9 වැනි ජනාධිපතිවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා දිවුරුම් දෙන්න අවශ්‍ය ගමන යනවා. හෙට නාමයෝජනා භාරදුන්න වහාම මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කරනවා.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනධිපතිවරණ අපේක්ෂයා ලෙස නාමල් රාජපක්ෂ මහතාව ඉදිරිපත් කරන බව පසුගිය 07 වනදා නිවේදනය කළේය.

නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් ඒ බව නිවේදනය කර තිබුණි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka