කොළඹ ලොකු පන්සලක ලොකු හාමුදුරු නමක් ලොකු අපේක්ෂකයකුට අද නිදහස් චත්‍රරශ්‍රයේදී ලොකුවටම ජය පිරිත දේශනා කරන්න හදලා! - මැතිවරණ කොමිසම වහාම මැදිහත් වෙලා පිරිත නවත්වයි!
‘අරමුණ දේශපාලනිකයි!’
පිරිතට සල්ලි දෙන්න ලෑස්ති වෙලා තියෙන්නේ රාජ්‍ය ආයතන කිහිපයක්!
දේශපාලනමය අරමුණක් වෙනුවෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද (14දා) දින පැවැත්වීමට නියමිතව තිබූ බව කියන ජය පිරිත් දේශනාවක් මැතිවරණ කොමිෂන් සභාවේ මැදිහත් වීමෙන් නැවැත්වූ බව කොමිෂන් සභාව සඳහන් කරයි.
ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්‍ෂකයකු වෙනුවෙන් ආශීර්වාදය පතා නිදහස් චතුරස්‍රයේ ජය පිරිත් දේශනාවක් පැවැත්වීමට සූදානම් වන බවට ලැබුණු පැමිණිල්ලක් මත ක්‍රියාත්මක වූ මැතිවරණ කොමිසම මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
වහාම ක්‍රියාත්මක වූ මැතිවරණ කොමිසමේ නිලධාරීන්, පිරිත සංවිධානය කරන බවට තොරතුරු ලැබුණු කොළඹ ප්‍රධාන පෙළේ විහාරස්ථානයක නායක හිමියන් හමුවී ඇති අතර පිරිතට මුදල් වැය කරන රාජ්‍ය ආයතන කිහිපයකට ගොස් එහි නිලධාරීන් ද හමුවී මේ පිළිබඳ දැනුම් දී ඇත.
මේ අනුව අද දින පිරිත් දෙසුම නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් ‘දිවයින’ට පැවැසීය.
මේ වනවිට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 360කට වඩා වාර්තා වී ඇති අතර කොමිසම පිහිටුවා ඇති කමිටුව වහා ක්‍රියාත්මක වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද කියා සිටියේය. -දිවයින
කොළඹ ලොකු පන්සලක ලොකු හාමුදුරු නමක් ලොකු අපේක්ෂකයකුට අද නිදහස් චත්‍රරශ්‍රයේදී ලොකුවටම ජය පිරිත දේශනා කරන්න හදලා! - මැතිවරණ කොමිසම වහාම මැදිහත් වෙලා පිරිත නවත්වයි!
2024-08-14T10:25:00+05:30
Gossip Lanka Hot News






