පනින්න නම් ඇමති කමක්, කෝටි 20ක් මන්ත‍්‍රිවරයෙක් ජනපතිගෙන් ඉල්ලයි!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දක්වීම සඳහා නම් තමනට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලබා දිය යුතු යැයි විපක්‍ෂයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.
එමෙන්ම තම පක්ෂයට රුපියල් මිලියන 200ක මුදලක්ද ලබා දෙන්නැයි මෙම මන්ත්‍රීවරයා ඉල්ලා ඇතැයි දැනගන්නට තිබේ.
කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මෙම ඉල්ලීම් දෙකටම එකඟතාවයක් දක්වා නැතැයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.
මෙම තත්ත්වය මත අදාළ මන්ත්‍රීවරයා සමගි ජන බලවේගය සමඟ සාර්ථක සාකච්ඡාවක් පවත්වා ඇති බවත් ඔහු එම පක්‍ෂය සමග ඉතා ඉක්මනින් සන්ධානගතවීමට නියමිතව ඇති බවත් දැනගන්නට ඇත.
පනින්න නම් ඇමති කමක්, කෝටි 20ක් මන්ත‍්‍රිවරයෙක් ජනපතිගෙන් ඉල්ලයි!
2024-08-14T10:13:00+05:30
Gossip Lanka Hot News






