gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"මංමුලා වැලි පෑගිලා ගිය පිරිස යළිත් අප සොයා එනවාමයි… අද කිව්වා කියලා මතක තියා ගන්න… ඔවුන්ට අප කළ දේ කියා දෙන්න" - මහින්ද රජරට ජනතාවගෙන් ඉල්ලයි!

කයියනායකලාට දරුවන් රවට්ටන්න දෙන්න එපා...

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (21) නාමල් රාජපක්ෂ ජනාධිපති කරවන මැතිවරණ ව්‍යාපාරයේ මංගල රැස්වීම අනුරාධපුර කඩපනහේ දී අමතමිනි. එහිදී හිටපු ජනාධිපතිවරයා අවධාරණය කලේ නාමල් රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස තෝරාගෙන ඉතිහාසයේ දිනෙක තමන් වැදගත් තීන්දුවක් ගත් බවට සතුටු වන ලෙසය.

එමෙන්ම යුද්ධයෙන් පීඩිතව ජිවිතය ගෙවූ අමිහිරි මතකය සහිත ඉතිහාසය තම දරුවන්ට කියා දෙන ලෙසත්, කයියනාකයලාගේ කතා වලට නොරැවටී මාතෘ භූමියට ජාතියට ආදරය කරන තම කඳවුරේ රැඳෙමින් නාමල් රාජපක්ෂ ජනාධිපති කරන ලෙසත් මහින්ද රාජපක්ෂ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඔහු සිය කතාව අතරතුර මෙසේ ද පැවසුවේය.

“සමහරුන්ට මංමුලාවැල් පෑගිලා. සමහරු අපව අත හැරලා වෙනත් කඳවුරු සොයාගෙන ගියා. අපි ඒ අයට දොස් කියන්නේ නෑ. හැබැයි එකක් විශ්වාසයි. කවදා හරි දවසක ඒ අය අපේ කඳවුරට එන්න අහනවා විශ්වාසයි. ඒක අද කිව්වා කියලා මතක තියා ගන්න.

ජනතාව ඔවුන් ගන්න එපා කියනවා නම් අපි ගන්නේ නෑ. ඒත් ඒ ගිය අයත් ජනතාව ඉන්න තැන හඳුනනවා. ජනතාව ඉන්න තැන හොයාගෙන ඒ අයට එන්න වෙනවා.

ඔබට මතක ඇති 2005 දි අපි රට බාරගන්නකොටත් අපට බොහෝ පිරිසක් මඩ ගැහුවා. නමුත් රටේ ජනතාව අපෙන් ඉල්ලුවෙ ඊලමක් හැදෙන එක නවත්තලා රට දෙකට කැඩෙන එක නවත්තලා දෙන්න කියලා විතරයි. වෙන මොනවත් ඉල්ලුවෙ නෑ.

ප්‍රේමදාස මහත්තය බයේ කොටින්ට ආයුද ගෙනත් දුන්නා. සජිත් ප්‍රේමදාසගේ තාත්තා ආයුධ දුන්නා. රනිල් උන්නැහැ සාම ගිවිසුම් ගැහුවා. ඔවුන් කවදාවත් ප්‍රභාකරන් එක්ක යුද්ධයක් කළේ නෑ. ඒ යුද්ධය 2009 දි ඉවර කරන්න අපට හැකි වුනා.

එදා අපට ඕන වුනේ නූපන් දරුවන්ටත් යුද්ධයක වේදනාව නොදෙන්නයි. අද සිංහල දෙමළ මුස්ලිම් හැමොම යුද බිය නැතිව ජීවත් වෙනවා. එහි ගෞරවය අපව පත් කළ ඔබ සැම දෙනාටම හිමි වෙනවා.
ඔබේ දරුවන්ට මේවා මතක් කර දීම වැදගත් .

කයියනාකයලාගේ බොරු බේගල්වලට දරුවන්ට රැවටෙන්නට ඉඩ නොතබන ලෙස ද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පැමිණ සිටි පිරිසගෙන් ඉල්ලා සිටියේය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka