තමන් කිසිඳු පුද්ගලයකුට සුරාබදු බලපත්‍රයක් ලබාදී හෝ එවැන්නක් ලබාදෙන ලෙසට කිසිවෙකුගේ නමක් නිර්දේශ කර හෝ නැතැයි ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් නඟමින් පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
අමාත්‍යවරයා අවධාරණය කරන්නේ දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් විපක්ෂය වැරදි මත සමාජගත කරමින් සිටින බවයි.
එහිදී වරප්‍රසාද ප්‍රශ්නයක් නඟමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.
ගරු කතානායකතුමනී, මාධ්‍යවල පළ වූ වැරදි තොරතුරක් සම්බන්ධයෙන් නිවැරදි කිරීමට මට අවස්ථාවක් ලබා දීම සම්බන්ධව මගේ ස්තූතිය පුද කරනවා.
මෙම වැරදි තොරතුර මාධ්‍ය වාර්තා කළා පමණක් නොවෙයි උදෑසන පත්තර ගැන තොරතුරු කියන මාධ්‍ය ආයතනත් මෙම වැරදි තොරතුරු පදනම් කරගෙන කතා කරලා තිබුණා. තොරතුරු වැරදිනම් නිවැරදි කරන්නත් කියලා එම වැඩසටහන ඉදිරිපත් කරන නිවේදකයින් ඉදිරිපත් කරලා තිබුණා. පසුගිය දිනක තිබූ දේශපාලන රැස්වීමකදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සුරාබදු බලපත්‍ර ලබා ගත් කීප දෙනෙකුගේ නම් කිව්වා. මම කාටදෝ පුද්ගලයකුට සුරාබදු බලපත්‍රයක් ලබා දුන්නත් කියලා කිව්වා. මම කිසිම පුද්ගලයකුට සුරාබදු බලපත්‍රයක් ලබා දීලා නෑ. ලබා දෙන්න කිසිම නමක් නිර්දේශ කරලත් නෑ. දේශපාලකයින්ට සුරාබදු බලපත්‍ර ලබා දුන්නා කියලා දේශපාලන වාසි ලබා ගන්න විපක්ෂය වැරැදි මතවාදයක් හදාගෙන යනවා.
හැබැයි සුරාබදු කොමසාරිස් ජනරාල් කියනවා සුරබදු බලපත්‍රයක් කිසිදු දේශපාලඥයකුට නිකුත් කරලා නෑ කියලා. එපමණක් නෙවෙයි දේශපාලඥයින්ගේ නිර්දේශ මත කිසිදු බලපත්‍රයක් නිකුත් කර නොමැති බව ඔහු ප්‍රකාශ කරනවා. ඔහුගේ ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවලට ගිය වාර්තාවක් මම සභාගත කරනවා.
ගරු කතානායකතුමනී, විපක්ෂ නායකතුමත් අද උදේ ඉදන් කිව්වා දේශපාලඥයින්ට මත්පැන් බලපත්‍ර ලබා දීලා තියෙනවා කියලා. මම මේ දේශපාලන වාසි ලබා ගැනීම සඳහා වැරදි තොරතුරු ප්‍රකාශ කිරීම හරහා ඒ මන්ත්‍රීවරුන්ට අගතියක් වෙන නිසා මම ඒ මේ කරණාව ඉදිරිපත් කරනවා.
මේ ප්‍රකාශය කරන මන්ත්‍රීතුමා බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් කෝප් කමිටු වාර්තාවට ෆුට් නෝට් ගහපු අයට නම් බලපත්‍ර ලැබිලා තියෙනවා. බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අයගෙන් මිලියන 10 ක චෙක් පත් ලබා ගත් අයත් ඉන්නවා. මම ඒ අයගේ නම් ගම් කියන්න කැමැති නෑ. මාධ්‍යවලින් හෙළි වුණා. මේ අය තමන්ගේ නිරුවත වහ ගන්න අනිත් අයට මඩ ගහනවා. මම ඒ අයට කියනවා වාසි දේශපාලන වාසි තකා වීදුරු ගෙවල්වල ඉදන් මඩ ගහන්න එපා කියලා.
ගරු කථානායකතුමනී, මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. තලතා අතුකෝරාල මන්ත්‍රීතුමිය ඉතාමත් වැදගත් විදියට එතුමියගේ ප්‍රකාශය කරලා මන්ත්‍රී ධූරයෙන් ඉවත් වුණා. රොෂාන් රණසිංහ මන්ත්‍රීතුමා එතුමාගේ මතවාදය එතැනදී කළා. මාතර මන්ත්‍රීතුමා මම විශ්වාස කළා එතුමාගේ ප්‍රකාශය කරලා ඉල්ලා අස්වෙයි කියලා. ප්‍රතිපත්ති වලට නෙමෙයි මේ කාරණා සිදු කරන්නේ කියලා අපිට තේරෙනවා.
දයාසිරි ජයසේකර මහතා වගකිවයුතු මන්ත්‍රීවරයෙක්. එතුමාට පුළුවන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මේ විස්තර හොයා ගන්න. හොයාගෙන මේ ප්‍රකාශ කරන්න. ඒ ගැන විපක්ෂ නායකතුමාගේ අවධානය යොමු කරනවා. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මහතා මේ මැතිවරණය ජයග්‍රහණය කරනවා කියලා. දයාසිරි ජයසේකර මහතා ගිය පැත්ත පරාදයි. ඔය වගේ කටවල් නිසා. ඇලෝසියස්ගේ සල්ලි ගත්තා. එහෙම කියලා පසුගිය කාලේ මාධ්‍යවල ගියා. එහෙම අය කියන කාරණාවලදී සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයෙක් විදියට එතුමා ආරක්ෂා වෙන්න ඕනේ.
– මාධ්‍ය අංශය