ගිය අයට යන්න දී තරුණයින් වෙනුවෙන් දොර හරින ලෙසත් දැන්වත් ඔය සැලොන් දොර වසා දමන ලෙස මහින්ද රාජපක්ෂගෙන් වැඳ ඉල්ලා සිටින බවත් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්රි ජොන්සටන් ප්රනාන්දු කීවේය. ඔහු මේ බව කීවේ ඊයේ (21) අනුරාධපුර කඩපනහ ප්රදේශයේ පැවති පොහොට්ටුවේ මංගල ජන රැලිය අමතමිනි.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සහ ඔහුට සහාය දීම සඳහා දුබල වී ඉතා අසිරු අඩියක සිටින මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවයා ප්රධානත්වයෙන් මංගල ජන රැළිය අද ආරම්භ වූයේය.
එහිදී ජොන්සටන් ප්රනාන්දු මන්ත්රීවරයා මෙසේ පැවසුවේය.
අපේ කණ්ඩායමෙන් ගිය අය ගැන මම කතා කරන්නේ නෑ. කණ්ඩායමෙන් ගිය අයට වෙච්චි දේවල් ඉතිහාසේ අපි දැක්කා. අපිට නඩු දැම්මා. හිරේ දැම්මා. අද ඒ පක්ෂ නායකයින්ගේ පක්ෂ නෑ. පක්ෂවලට ඉබි යතුර දාලා. මහලේකම්වරු තුන් දෙනයි. සභාපතිවරු තුන් දෙනයි. කෑලි කෑලි කෑලි වලට ශ්රී ලංකා නිදහස් පක්ෂය විනාශ වුනා.
ඒ විනාශ වුනේ ඒ නායකයා එදා මහින්ද රාජපක්ෂ මහත්තයට කළ අපරාධ. ඒ අපරාධ නිසා. ඒ නිසා යන අය ගැන අපට කතාවක් නෑ.
ඒත් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි. සැලොන් දොර ආයෙනම් අරින්න සුදානම් වෙන්න එපා කියන එක ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා.
දැන් ඕක ඇති. දැන් සර් ඕක ඇති හොඳටම. මේ ඉන්න පොඩි මිනිස්සු ටිකට ඉදිරියට එන්න දෙන්න ඕන. මේ පොඩි මිනිස්සුන්ට ඔළුව උස්සන්න දෙන්න ඕන පක්ෂය. මේ පොඩි මිනිස්සුන්ට මේ පක්ෂය රකින්න ඕන කියලා මේ පොඩි මිනිස්සු අද අනුරාධපුරයෙන් ඇවිත් ඔප්පු කරලා තියනවා.
මෙන්න වැන්දා ජනාධිප තුමනි. දැන් සැලොන් දොර ඇති. මේක එක පැත්තකට විතරක් ඇරෙන දොරක් කරමු. අපි අපේ පක්ෂය පරිවර්තනය කරලා මේක පිිරිසිදු කරන අවස්ථාවක් කරගනිමු.