ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින තම පුත්‍රයාට සහයෝගය ලබා දෙන්නයි ඉල්ලමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකට ඇමතුම් ලබා දී ඇත.
වෙනදාට වඩා ඉතා මිත්‍රශීලි ස්වරූපයෙන් ආයාචනාත්මකව හිටපු ජනාධිපතිවරයා එම මන්ත්‍රීවරුන්ට අමතා මෙම ඉල්ලීම ඇත.
මැතිවරණයට අවශ්‍ය වියදම් පවා සපයා දිය හැකි බවද සඳහන් කර ඇති හිටපු ජනාධිපතිවරයා පක්ෂය සමඟ දිගටම රැඳී සිටින ලෙසද ඉල්ලා තිබේ.
රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා ද මුලින් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට ගොස් පසුව නාමල් රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන කරන ලද ඉල්ලීමද බලපා ඇතැයිද වාර්තා වෙයි.