Breaking News: පක්ෂයක් කෝටි 03කට විකුණපු 7 ක් අත්අඩංගුවට!
සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලස් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අද (14) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති කාමන්ත තුෂාර මහතා අල්ලස් කොමිසමට කළ පැමිණිල්කට අනුව කළ වැටලීමකදී වැලිකඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික සංකීර්ණයකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
බොරැල්ලේ පිහිටි වැලිකඩ ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේදී අදාල පුද්ගලයන් මුදල් ලබාගනිද්දී අද (14) පස්වරුවේ අත්අඩංගුවට පත්වූ බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර එම පක්‍ෂයේ හිටපු ලේකම් සහ එම පක්‍ෂයෙන් 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්‍ෂකයෙක් ද සිටින බවත් ඔවුන්ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවද සඳහන් වනවා.
Breaking News: පක්ෂයක් කෝටි 03කට විකුණපු 7 ක් අත්අඩංගුවට!
2024-08-14T19:28:00+05:30
Gossip Lanka Hot News






