gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් – සජිත් මෙවර ඡන්ද ප්‍රචාරණයට බිලියන 22ක් වෙන් කරලා.. සමස්ත මැතිවරණ වියදමත් බිලියන 8යි!

පසුගියදා ඇල්ල වැල්ලවාය ප්‍රදේශය මූලික කරගනිමින් සංචාරය ක්ෂේත්‍රයේ වෘතිකයින් සහ ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ “සංචාරක ආර්ථිකයක් කරා” වැඩසටහන පැවැත්විණි.

මෙම අවස්ථාවට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ප්‍රධානී, ඌව සංචාරක මණ්ඩලයේ සභාපති මහාචාර්ය රුවන් රණසිංහ, බදුල්ල ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ මහාචාර්ය චතුරංග සේනාරත්න, අතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

එහිදී පැමිණ සිටි පිරිස අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ඇතුළු සියළු ක්ෂේත්‍රයන්හි ඉරණම තීරණය කරනා දිනය එළඹෙන සැප්තැම්බර් 21 වැනි දා බවයි.

එම නිසා ඉතිහාසයේ පැවති ජනාධිපතිවරණයන්ට වඩා මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව වගකීමකින් සහ බුද්ධිමත්ව ඡන්දය ප්‍රකාශ කර දේශපාලන වෙනසක් සිදු කළ යුතු බවයි ඔහු අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විද්‍යාරත්න මහතා පවසා සිටියේ මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ව්‍යාපෘතියට වැය කර ඇති මුදල රුපියල් බිලියන 14 ක් බවයි.

හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ සමස්ත මැතිවරණ ක්‍රියාවලිය සඳහා මැතිවරණ කොමිසම ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් බිලියන 10ක් වන අතර එයද බිලියන 8කින් වියදම් පියවා අවසන් කර ගත හැකි බව කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කර ඇති බවයි.

රටේ සමස්ත මැතිවරණය පැවැත්වීම සඳහා යන වියදම් වලට අධික වියදමක් තම ජනාධිපතිවරණ ප්‍රවර්ධන ව්‍යාපෘතිය සඳහා යොදවා ඇති රනිල් වික්‍රමසිංහ මේ වන විට පෝස්ටර් ව්‍යාපෘති පමණක් 5ක් අවසන් කර ඇති බව පෙන්වා දුන්නේය.

එමෙන්ම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද තම මැතිවරණ ව්‍යාපාරය සඳහා රුපියල් බිලියන 8ක මුදලක් ඇස්තමේන්තු කර ඇති බව විද්‍යාරත්න මහතා පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka