තව බොහෝ දෙනෙක් ජනපති සමග එක්වන්න නියමිතයි… ඉදිරියේ දී රූපවාහිනිවලට වැඩි වෙලාවක් බ්‍රේකින් නිවුස් ගහන්න වෙයි - අමරවීර කියයි
ඉදිරි කාලය තුළ රූපවාහිනි මාධ්‍ය ආයතනවලට දවසින් වැඩි වේලාවක් Breaking News දාන්න සිදුවෙන බවත් තලතා අතුකෝරාළ පැමිණියා සේ තව විශාල පිරිසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගය පළ කිරීමට ඔහු සමග ඉදිරි කාලයේ එකතු වෙන බවත් කෘෂිකර්මාන්ත හා වැවිලි කර්මාන්ත ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
මෙසේ එකතුවන පිරිස විවිධ පක්ෂ හා කණ්ඩායම් මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු ච සිටින බව බව ඇමතිවරයා පවසා සිටියි.
මේ රට කඩා වැටුණ මොහොතේ වත්මන් ජනාධිපතිවරයා භාර නොගත්තේ නම් මේ වනවිටත් අපේ රට කඩා වැටී අවසන් බවත්, රටේ මිනිස්සු කුසගින්නෙන් මිය යන තත්ත්වයක් උද්ගත වීමට තිබු බවත් ඇමතිරවරයා කියයි.
වත්මන් රජය තීන්දු තීරණයන් ගන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම අනුව මිස ඊට විරුද්ධව නොවන බවත් පෙන්වා දෙන ඇමතිවරයා, රාජ්‍ය සේවක වැටුප වැඩි කළේ රජය ගත් තීරණයක් අනුව බවත් එම තීරණයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය පමණක් නොව ඒ සඳහා කමිටුවක් ද පත් කළ බවත් පැවසුවේය.
තව බොහෝ දෙනෙක් ජනපති සමග එක්වන්න නියමිතයි… ඉදිරියේ දී රූපවාහිනිවලට වැඩි වෙලාවක් බ්‍රේකින් නිවුස් ගහන්න වෙයි - අමරවීර කියයි
2024-08-26T20:01:00+05:30
Gossip Lanka Hot News






