ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන් 19 දෙනකු මෙතෙක් කිසිදු මැතිවරණ ප්රචාරක කටයුත්තක් ආරම්භ කර නොමැති බව ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්යක්ෂ මංජුල ගජනායක සදහන් කරයි.
මැතිවරණ කොමිෂන් සභාව විසින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇතුළු කටයුතු සඳහා අපේක්ෂකයකු වෙනුවෙන් රුපියල් කෝටියක්, කෝටි එකහමාරක් පමණ වැය කරන බවද විධායක අධ්යක්ෂ මංජුල ගජනායක සදහන් කරයි.
එතරම් මුදලක් වියදම් කරමින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළද ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන් ප්රචාරක කටයුතු නොකිරීම ගැටලු සහගත තත්ත්වයක් බවද අධ්යක්ෂ මංජුල ගජනායක සදහන් කරයි.
එම අපේක්ෂකයන් ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව එකදු රැස්වීමක්වත් මෙතෙක් පවත්වා නැති බවත් ජනාධිපති ධුරය සඳහා අපේක්ෂකයෝ 39 දෙනකු තරග කරන බවද සදහන් කරයි.