අම්පිටියේ සුමනරතන හිමියන් රක්ෂිත බන්ධනාගාරයට!
ප්‍රබල එක්සත් ජාතික පක්ෂ දේශපාලකයෙක් සහ ව්‍යාපාරිකයෙක් වු දයා ගමගේට සමාජ මාධ්‍ය ඔස්සේ අතාර්කික විවේචනය කිරීම, මැතිවරණ කාලය තුළදී ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිකිරීමට උත්සාහ කිරීම, මීට පෙර මඩකලපුව සහ අම්පාර ප්‍රදේශවලදී මැතිවරණ කාලවලදී ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිකර තිබීම සහ අන් සන්තකයේ ඇති විහාරස්ථානයකට බලහත්කාරයෙන් ඇතුළුවිම යන චෝදනා යටතේ මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් ඊයේ (25) සවස අත්අඩංගුවට ගත් බව අම්පාර පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සුමනරතන හිමියන් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණවරියගේ නිල නිවසට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව, අම්පාර දිසා
විනිසුරුවරිය වන නයෝමි වික්‍රමරත්න විසින් සුමනරතන නාහිමියන් සැප්තැම්බර් 06 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කර ඇත.
අම්පිටියේ සුමනරතන හිමියන් මේ වනවිට මොණරාගල රක්ෂිත බන්ධනාගාරයට යවා තිබේ.
අම්පිටියේ සුමනරතන හිමියන් අම්පාර පන්සල්ගල ශ්‍රී අභිනවාරාමයේ වාසය කරමින සමාජ සේවයේ ද නිරත හිමිනමකි.
අම්පිටියේ සුමනරතන හිමියන් රක්ෂිත බන්ධනාගාරයට!
2024-08-26T20:06:00+05:30
Gossip Lanka Hot News






