gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මන්ත්‍රීවරුන්ගේ ජීවිතය අනතුරේ... ආරක්ෂාවට ගිනිඅවි දෙකක් දෙනවා - බන්දුල ගුණවර්ධන

පසුගිය අරගලය තුළ සහ ඉන් පසුව ඇතිවූ ප්‍රචණ්ඩත්වය ලංකා ඉතිහාසයේ ඉතාම දරුණු කළු පැල්ලමක් බවට පරිවර්ථනය වු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වධ හිංසා කර සමූහ ලෙස එකතු වී ඝාතනය කර සාමාජිකයෝ 72කගේ ගෙවල් පැය 12ක් ඇතුළත ගිනි තැබු බවද අමාත්‍යවරයා සදහන් කරයි.

එනිසා පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට මුදලට ගිනිඅවි දෙකක් ලබාගැනීමේ අයිතිය ලබාදීමට රජය තීරණය කර ඇති බවත් මන්ත්‍රී ධුරය අහිමිවීමෙන් පසු අයිති කරගැනීමට හැකිවන පරිදි එම ගිනිඅවි ලබාදීමට නියමිත බවද සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ,

“අපි දන්නවා පසුගිය අරගලය තුළ සහ ඉන් පසුව ඇතිවූ ප්‍රචණ්ඩත්වය ලංකා ඉතිහාසයේ ඉතාම දරුණු කළු පැල්ලමක් බවට පරිවර්ථනය වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වධ හිංසා කරලා සමූහ ලෙස එකතුවෙලා ඝාතනය කරලා, ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෝ 72කගේ ගෙවල් පැය 12ක් ඇතුළත ගිනි තියලා.

ඊට පසු පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන් ගිනිබත් කරලා විනාශ කරලා අරාජික තත්ත්වයක් ඇතිවීමේ මහා දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. මේ සිද්ධියට මීට වඩා දරුණු ලෙස බංග්ලාදේශයේ ක්‍රියාත්මක වීමෙන් මන්ත්‍රීවරු 26ක් මරා දැම්මා. දැන් එවැනි තත්ත්වයක් ඇති නොවෙයි කියලා විශ්වාසයක් නෑ.

මොකද ප්‍රචණ්ඩත්වය පසුගිය කාලය තුළ දිගින් දිගටම වැඩි වෙලා තියෙනවා. ඒ නිසා රජය තීරණයක් අරගෙන තියෙනවා මන්ත්‍රී ධූරය අහිමිවීමෙන් පසු අයිති කරගන්න පුළුවන් විදියට මුදලට ගිනිඅවි දෙකක් ලබා ගැනීමේ අයිතිය දෙන්න.”

කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka