gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති අපේක්‍ෂකයෙකු මාධ්‍ය අමතයි… තමනට ඡන්දය නොඉල්ලයි... රට බේරාගත් අපේක්‍ෂකට දෙන්නැයි කියයි

මෙවර පැවැත්වෙන ජනාධිපති මැතිවරණය මේ රටේ අනාගතය තිරණය කරන මැතිවරණයක් බවත් එම නිසා මෙම මැතිවරණයේදි ඉතාමත් කල්පනාකාරිව හොදින් සිතා බලා තම ඡන්දය බාවිතා කිරිමට මේ රටේ ඡන්දදායකයන් පියවර ගත යුතු බව ස්වාධිණ ජනාධිපති අපේක්ෂක හිටපු පාර්ලීමේන්තු මංත්‍රි කේ. කේ. පියදාස මහතා පවසයි.

හැටන්හි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු කේ. කේ. පියදාස මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.

මෙවර ජනාධිපති මැතිවරණය සදහා පක්ෂ නියෝජනය කරමින් හා ස්වාධිනව අපේක්ෂයන් 39 දෙනකු තරග කරනවා එම 39 දෙනා අතර මමත් එක් අපේක්ෂකයෙන්  මම තරග කරන කිසිම අයකුට දොස් කියන්නේ නැහැ මම මගේ ප්‍රතිපත්ති කියමින් තමයි මේ මැතිවරණයට ඉදිරි පත් වෙන්නේ.

ව්‍යාපාරිකයකු ලෙස ඉදලා දේශපාලනයට පිවිසි මම පාර්ලීමේන්තුව මධ්‍යම පලාත් සභාව නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධනයට මට කල හැකි දේ හැකි අයුරින් ඉටු කලා එත් මෙම දිස්ත්‍රික්කයේ තවත් කල යුතු බොහෝ දේ පවතිනවා.

මම මෙවර ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ මේ රටේ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් අපිට මතකයි මෙයට වසර දෙකකට පමන මේ රට පැවති අයුරු එම තත්වයන් මත මෙවර පැවැත්වෙන ජනාධිපති මැතිවරණය තිරනාත්මක මැතිවරණයක් එම නිසා මේ රටේ සියළුම ඡන්ද දායකයන් ඉතාමත් කල්පනාකාරිව තම ඡන්දය බාවිතා කිරිමට පියවර ගත යුතුයි’

එසේ නැති වුනොත් සිදු වන්නේ මේ රටේ අනාගතය විනාශ විමයි එම නිසා මෙවර මැතිවරණයට ඉදිරිපත්ව ඇති මා ඇතුළු සියළුම අපේක්ෂකයන් පිලිබදව හොදින් සොයා බලා සුදුසුම පුද්ගලයාට තම ඡන්දය ලබා දිමට පියවර ගන්නා ලෙස සියළුම ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

– මනුර සුදත් සෙල්ලහේවා


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka