gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට බාලගිරි දෝෂය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගිය 22 වනදා එළිදක්වන බව සඳහන් කළද එදින එය එලිදැක්වීමක් සිදු නොකළ අතර මේ දක්වාම එය එළි දක්වා නැත.

එය එළිදැක්වීමට අදාළ සියලු කටයුතු ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සූදානම් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පසුගිට 19 වනදා මාධ්‍ය හමුවක්ද කැඳවමින් සඳහන් කර සිටියේය.

එහිදී ඔහු පවසා සිටියේ “ප්‍රතිපත්තියක් නොමැති කණ්ඩායමකට රජයක් පවත්වාගෙන යන්න බැහැ. රජයක් ගෙන යන්න දක්ෂ නායකයෙක්, කණ්ඩායමක්, ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඒ සියලු සාධක තියෙන්නේ අපි සතුවයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 22 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී එළිදැක්වීමට නියමිතව තිබෙනවා. රට ඉදිරියට ගෙන යන දැක්ම මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත වෙනවා.” යනුවෙනි.

එහිදී ඔහු “ප්‍රතිපත්ති පමණක් නොවෙයි සමගි ජන බලවේගයට ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා. සමගි ජන බලවේගය ඉදිරියට ගෙන යන කණ්ඩායම මේ රට ගොඩනගන කණ්ඩායම යි.” යනුවෙන්ද සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත් මේ වනවිට වාර්තා වන්නේ සමගි ජන බලවේගයේ ආර්ථිකය ගැන අදහස් දක්වමින්, බ්ලූ ප්‍රිින් නිර්මාණය කරමින් කටයුතු කළ හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, එරාන් වික්‍රමනායක ඇතුළු පිරිස සහ පොහොට්ටු පක්ෂයේ සිට සමගි ජන බලවේගයට එක් වී මේ වනවිට ආර්ථිකය ගැන අදහස් දක්වමින් සිටින නාලක ගොඩහේවා, ජී.එල් පීරිස්, චරිත හේරත් ඇතුළු පිරිස අතර ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර ගැනීමේදී අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි තත්වයක් හටගෙන ඇති බවයි.

මේ හේතුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ අර්බුදකාරී තත්වයක්ද හටගෙන ඇති බවත් තමන්ගේ කේන්දරය අනුව යොදාගත් සුබ දිනයේ අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැඩිව කෝපයට පත්ව ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka