ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සජීවී සාකච්ඡාවකට සහභාගි වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂයින් වන සජිත් ප්‍රේමදාසට මහතාට සහ අනුර කුමාර දිසානායක මහතාට ආරධනාවක් කර තිබෙනවා.
ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුම කිසිසේත්ම වෙනස් කළ නොහැකි බවයි.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (25) පැවැති එක්සත් ජාතික පක්ෂ විශේෂ සමුළුව අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළා.
සමඟි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහතා භාණ්ඩ මිල අඩු කිරීම සම්බන්ධයෙන් සහ බදු අඩු කිරීම සම්බන්ධයෙන් ලබා දෙන පොරොන්දු තුළින් රටෙහි නැවතත් ආර්ථික කඩා වැටීමක් ඇති විය හැකි බවත්, මෙලෙස ජනතාව රවටන පොරොන්දු ලබා නොදිය යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.
භාණ්ඩ මිල අඩු කිරීමට සහ බදු අඩු කිරීමට තමාද අපේක්ෂා කරන නමුත් එවැනි පියවර සඳහා එළඹිය හැකි වන්නේ රුපියල ශක්තිමත් කිරීමෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුම්වලට අනුව කටයුතු කිරීමෙන් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කර ඇති බව සඳහන්.
උමන්දා කුලසිංහ