ඉරානය විසින් එල්ල කළ හැකි ප්‍රහාර වලින් ඊශ්‍රායලය ආරක්ෂා කර ගැනීම සඳහා අමෙරිකාව යුද නැව්, ප්‍රහාරක ජෙට් යානා, බැලස්ටික් මිසයිල ආරක්ෂණ හැකියාව ඇති කෲසර් සහ විනාශකාරී යාත්‍රා යොදවනු ඇති බව පෙන්ටගනය සදහන් කරයි.
ඉරානය ඩ්‍රෝන යානා සහ මිසයිල මගින් ඊශ්‍රායලයට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බැවින් එම ප්‍රහාර වලින් ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට මිසයිල ආරක්ෂක හමුදා යෙදවීමට අමෙරිකාව සූදානම් බව පෙන්ටගනය සදහන් කරයි.
ඉරානයේ හමාස් නායක ඉස්මයිල් හනියේ සහ ලෙබනන් සටන්කාමී හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධාන අණදෙන නිලධාරියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලයට දැඩි ප්‍රහාර එල්ල කරන බව ඉරානයේ නායක අයතුල්ලා කමේනි හනියේ ප්‍රකාශ කළේය.
ඉරානය විසින් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට තීරණය කිරීමත් සමග ජාත්‍යන්තර ගුවන් සමාගම් කිහිපයක් ගුවන් ගමන් අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.