පොඩි හාමුදුරුවන්ගේ ආදාහනය සඳුදා... ගංගාරාමය අවට විශේෂ රථවාහන සැලැස්මක්!
අපවත්වී වදාළ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ අවසන් කටයුතු සිදුකෙරෙන සඳුදා (05) දින විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එම රථවාහන සැලැස්ම පස්වරු 02.00 සිට රාත්‍රී 08.00 දක්වා ක්‍රියාත්මක වෙයි.
එම කාලය තුළ රථ වාහන ඇතිවිය හැකි තදබදය අවම කිරීම සඳහා මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්ම කරන බව පොලීසිය පවසයි.
ගංගාරාම විහාරස්ථානය වෙත ඇතුළු වන සියලුම වාහන ජේම්ස් පීරිස් මාවත, ජිනරතන මාවත හන්දියෙන් ඇතුළු විය යුතුය.
ඩෝසන් වීදියෙන් ජිනරතන මාවතට ඇතුළු වීම වසා තබන අතර ජිනරතන මාවතේ වාහන ගමනාගමනය එක් දිශාවකට පමණක් සිදු කෙරේ.
මේ අතර ආදාහන පුජෝත්සවය සඳහා පැමිණෙන මහජනතාවගේ වාහන නැවැත්වීම සඳහා අල්ටෙයාර් ගොඩනැගිල්ල පිටුපස භූමියේ පහසුකම් සලසා ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසයි.
– නාගොඩ සුමන උදයන්ත
පොඩි හාමුදුරුවන්ගේ ආදාහනය සඳුදා... ගංගාරාමය අවට විශේෂ රථවාහන සැලැස්මක්!
2024-08-03T20:02:00+05:30
Gossip Lanka Hot News






