gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුරට ගෙනාපු බල්ලා බුරලා ගොරවලා ගේ රැකලා දුන්නා කියලා බල්ලට වඳින සිරිතක් නෑ… ඉන්දික අනුරුද්ධ කියයි

නිවසේ ආරක්ෂාවට ගෙනා බල්ලා බුරමින්, ගොරවමින් නිවස හොඳින් ආරක්ෂා කළ පමණින් බල්ලාට වැඳ පුදා ගෞරව කොට ඇදහීමට අවශ්‍යය නැතැයි රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසයි. මහින්දගේ මිනිස්සු පොහොට්ටුවත් එක්ක යනුවෙන් මහනුවර දී ඊයේ (04 ) දින පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ක්‍රියාකාරී හමුව අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

තවදුරටත් අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.

එදා රටේ යම් ආර්ථික අර්බුදයක් උද්ගත වෙලා මහජන අරගලයක් පැන නැග්ගා. පසුව මේ අරගලය දේශපාලනීකරණය වෙලා ඔක්කොම එකතුවෙලා පොදු ජන පෙරමුණට ගහන්න ගත්තා. මේ වෙලාවේ තමයි අගමැතිකම බාරගන්න රනිල් ඉල්ලුවේ, සජිත් ඉල්ලුවේ. අනුර දිසානායක යෝජනා එව්වා. තවත් සමහර අය කල්පනා කරලා බලලා තීරණයක් දෙන්නම් කිව්වා. මේ වෙලාවේ රනිල් මහත්තයා ඉදිරිපත් වුණා. අපි අගමැතිකම එයාට දුන්නා. එච්චරයි උනේ.

ඊට පස්සේ බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොදු ජන පෙරමුණේ නායකයෝ අපේ කණ්ඩායමට කිව්වේ අපි පක්ෂයක් විදියට අපේ අනන්‍යතාවය රැකගෙන පාර්ලිමේන්තුවේ කටයුතු කරමු කියලා. නමුත් මොකද උනේ අපේ එක එකා හොරෙන් ගිහින් එක්සත් ජාතික පක්ෂයට, ජනාධිපතිට එකතු වුණා . ජනාධිපති අස්සේ රිංගන්න ගත්තා. අපි හොඳටම දන්නවා. ඒ වෙලාවේ ජනාධිපති කිව්වා මේ අයට එන්න එපා කියලා. එහෙම කියලා දොර වැහුවා. නමුත් අපේ අය ගිහින් දොරට ගැහුවා, කන්නලව් කලා, විවිධ ආකාරයෙන් දොර ඇරගන්න උත්සහ කළා. ජනාධිපති දොර ඇරියේ නෑ. ඊට පස්සේ මේ අය දොර කඩාගෙන ජනාධිපති ලඟට ගියා. මේක තමයි උනේ.

අපිට ජනාධිපතිට දොස් කියන්න බෑ. දැන් ගිය එවුන් ගියා. අපේ පක්ෂය ඉදිරියේ දිනන අපේක්ෂකයා ඉදිරිපත් කරනවා. ඒ අපේක්ෂකයාගේ ජයග්‍රහණය වළක්වන්න කාටවත් බෑ. ඔය කෑගහන අය ගියා කියලා. පාක්ෂිකයෝ ඔක්කොම යන්නේ නෑ. ඒ ගිය අය හිතාගෙන ඉන්නේ එයාලා ගියාම පාක්ෂිකයොත් යන්න ඕනේ කියලා. අපි පාක්ෂිකයො ගෙන්නලා එහෙට අත උස්සන්න කියනවා. මෙහෙට අත උස්සන්න කියනවා. එහෙට මෙහෙට අත් උස්සන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයෝ රූකඩ නෙවෙයි කියලා අපි ඒ ගිය අයට කියනවා.

දැන් අපෙන් කැඩිලා ගිය අය පාරම් බානවා පුලුවන්නම් එයාලා නැතුව ඡන්ද කරන්න, පුළුවන්නම් මැතිවරණ දිනන්න ආදි වශයෙන් කියමින්. මැතිවරණ දිනන්න ඒ අය අවශ්‍යය නැහැ. අවශ්‍යය වෙන්නේ අපේ පාක්ෂිකයන්ගේ ඡන්දේ විතරයි. අපේ පාක්ෂිකයෝ වෙනස් වෙලා නෑ කියලා අපි දන්නවා. ඒ නිසා ඉදිරි මැතිවරණයට පෙර අපි සමඟ නැවත එකතු වෙන්න කියලා ගිය අයගෙන් අපි ඉල්ලීමක් කරනවා.
මෙම අවස්ථාවේදී මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර ද අදහස් පළ කළේය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka